Monday, July 17, 2017

Nodanuvath Kamata Lyrics | නොදැනුවත් කමට - Ruwan Hettiarachchi




නොදැනුවත් කමට පෙරදා
මම ඔබට පෙම් කෙරුව හින්දා
දාහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා
නැහැ දැනන් හිටියේ කිසිදා 
අපමණ දුකක් දෙයි කියාලා 
හිතක් නැති කෙනෙක් මෙන් 
සත්තකින් මට ඔයා
කෙරුවේ මුලාවක් කියලා 
දැනන් හිටියනම් 
ඔහු හා ඔබ යන්න මත්තෙන් 
ඔය දෑත දාලා යන්න මට තිබුනා
මම ඔබේ ගැන කියා කල එදා
වර්ණනා අහන් හිටිය අය 
දැන් මග තොටේ හමුවෙලා
කටකොනින් හිනැහිලා 
අද මගෙන් ඔබ මෙදා
කොහේදෝ කියාලා 
විහිලුවෙන් අහනවා

කෙරුවේ මුලාවක් කියලා 
දැනන් හිටියනම් 
ඔහු හා ඔබ යන්න මත්තෙන් 
ඔය දෑත දාලා යන්න මට තිබුනා

අද මගේ ඇද කියා 
සිල්වතෙක් ලෙස ඔයා
හොදින් ඉන්නවා නම් 
ඔහු ලගින් නැවතිලා
මට කමක් නෑ සදා 
ජීවිතාන්තය පුරා 
දුකින් ඉන්නෙපායැයි
පතනවා ඔබට මා

කෙරුවේ මුලාවක් කියලා 
දැනන් හිටියනම් 
ඔහු හා ඔබ යන්න මත්තෙන් 
ඔය දෑත දාලා යන්න මට තිබුනා
නොදැනුවත් කමට පෙරදා
මම ඔබට පෙම් කෙරුව හින්දා
දාහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා
නැහැ දැනන් හිටියේ කිසිදා 

අපමන දුකක් දෙයි කියාලා 
හිතක් නැති කෙනෙක් මෙන් 
සත්තකින් මට ඔයා
කෙරුවේ මුලාවක් කියලා 
දැනන් හිටියනම් 
ඔහු හා ඔබ යන්න මත්තෙන් 
ඔය දෑත දාලා යන්න මට තිබුනා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...