Thursday, July 27, 2017

Waraduna Than Lyrics | වැරදුන තැන් - Anushka Udana


ඔබ හා ගිය නිසා 
මට මාවම නැතිවුනා
තවයන්නට බැරි නිසා 
නුඹ හැරදා මා ගියා

තරුකැට පෙන්නලා 
පෙම් බිදුවක් දුන් ඔයා
සිත මගෙ අසනවා 
කවුරුද නුඹ කියා

කොහොමද කියලා අසනා විට මා
නිහඩව ගොළුවෙනවා
වැරදුන තැන්ගැන සිත රැවටුව 
දැන් දැන් දුක් වෙනවා මා

කොහොමද කියල ඇසුවත් මා දැන්
උන් තැන මියැදෙනවා
වැරදුන තැන්ගැන සිත සිත ඇවිදින්
නුඹ ලඟ පරවෙනවා

පුදසුන් නැති නිසා 
මල් කැටයම් මට එපා
අපි ගිය දුර නිසා 
මං සලකුණු නැතිවුනා

අපි අතරේ හිස් තබා  
එහි මතකය ඇතිරුවා
යළි එන්නැති නිසා 
පසුනොබලා මා ගියා

කොහොමද කියල අසනා විට මා
නිහඩව ගොළුවෙනවා
වැරදුන තැන්ගැන සිත රැවටුව මා
දැන් දැන් දුක් වෙනවා

කොහොමද කියල ඇසුවත් මා දැන්
උන් තැන මියැදෙනවා
වැරදුන තැන්ගැන සිත සිත ඇවිදින්
නුඹ ලඟ පරවෙනවා
නුඹ ලඟ පරවෙනවා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...