Tuesday, January 24, 2017

Eka Wasanthayaka Lyrics - එක වසන්තයක | Kasun Kalhara



එක වසන්තයක එක රාත්රියක දැනුනා මතකයි
මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා විතරක් මතකයි


හද ලුහුබැද ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොදුර

ඒ වසන්තයෙදි හමන සුලග සමග
සසැලී පෑහෙන්නට හිතයි මට
ඔබෙ සුවද සමග මුසුවනු පිණිස
මගෙ සුසුමක් තියන්නද
සිහිවනු පිණිස - සොදුර

මේ වසන්තයම ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට පතමි මම
ඔබෙ සිතැඟි වලට මුසුවනු පිනිස
මගෙ හැඟුමක් තියන්නද
ගිවිසනු පිණිස - සොදුර

එක වසන්තයක එක රාත්රියක දැනුනා මතකයි
මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා විතරක් මතකයි


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...