Monday, January 16, 2017

Giman Harina Diyamba Dige Lyrics | ගිමන් හරින දියඹ දිගේ- W D Amaradeva


ගිමන් හරින දියඹ දිගේ 
සුසුම් හෙලන වෙරළ ඉමේ 
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා 
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා

හිත් දැහැනේ වෙලී තිබුණු 
නෙත් දැහැනේ ගලා හැලුණු 
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ 
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ

නිල් කටරොළු නිල නැහැවුණු 
මල් බර මුදු සුව රැඳවුණු 
තොල්පෙති මල් ඵලදාලන ආදරයද මේ 
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ

ගිමන් හරින දියඹ දිගේ 
සුසුම් හෙලන වෙරළ ඉමේ 
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා 
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...